ක්‍රීඩා

නව නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ හෙට බංග්ලාදේශයට

(UTV| බංග්ලාදේශය) – තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (16) බංග්ලාදේශයට පිටත්ව යෑමට නියමිතව තිබේ.    

ඒ අනුව දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 23 වැනි ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පෙර දින 3ක නිරෝධායන කාලයකට යටත්විය යුතුව ඇති හෙයින් හෙට දිනයේ මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වෙනුවට නව නායකත්වයකින් යුත් නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් සංචිතයක් නම් කිරීමට මෙවර ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමව ඇති අතර උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, හිටපු නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත්කර ඇති අතර මෙතෙක් එක්දින වරම් දිනාගෙන නොමැති බිනුර ප‍්‍රනාන්දු සහ ශිරාන් ප‍්‍රනාන්දු වැනි නවකයින් මෙවර සංචිතයට කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 216 ක ඉලක්කයක්

Mohamed Dilsad

LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment