ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගය ජය ගැනීමට කොදෙව් පිළට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ළකුණු 375 ක්.

එහෙත් 05 වන දිනය නිමා වනවිට කොදෙව් පිළ කඩුලු 04 ක් දැවී ලබා සිටියේ ළකුණු 236 ක් පමණයි.

තරගයේ වීරයා වූ කෲමා බොනර් නොදැවී 113 යි.

විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 02 බැගින් බිඳහෙලුවා. ශ්‍රී ලංකා පළමු ඉණිම සියල්ලන් දැවී 169 යි.

කොදෙව්වන් සිය පළමු ඉණිම වෙනුවෙන් සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 271 ක්.

ශ්‍රී ලංකා 02 වන ඉණිම 476 යි.

දෙරට අතර 02 වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 29 වනදා ඇන්ටිගා හිදී ආරම්භවීමට නියමිතයි.

Related posts

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

Mohamed Dilsad

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

Mohamed Dilsad

Leave a Comment