ක්‍රීඩා

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

(UTV| කොළඹ) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග සහ 20 – 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

වෙනත් ක්‍රීඩාංගන වෙතට සංචාරය කිරීමේ දී ජෛව ආරක්ෂිත බුබුලට ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.

Related posts

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් 20 – 20 තරඟාවලිය යළිත් කල් යයි

Mohamed Dilsad

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනපතිගේ ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment