ක්‍රීඩා

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

(UTV| කොළඹ) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග සහ 20 – 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

වෙනත් ක්‍රීඩාංගන වෙතට සංචාරය කිරීමේ දී ජෛව ආරක්ෂිත බුබුලට ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.

Related posts

දඹුල්ල පෙරමුණට

Mohamed Dilsad

හර්දික් පාණ්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

Mohamed Dilsad

කුසල් – විශ්ව ඇතුළු කිහිපදෙනෙක් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට..

Mohamed Dilsad

Leave a Comment