ක්‍රීඩා

කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවිනිශ්චිතයි

(UTV | බංග්ලාදේශය) – පවතින කොරෝනා අවදානම හේතුවෙන් ලබන 20 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවිනිශ්චිත වී ඇත.  

කෙසේ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු නිලධාරින් සහ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරින් එක්ව ඉදිරි දින කිහිපය තුලදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමුවී ඇති බවයි.

මේ අතර , බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 16 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දීයි.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.

 

Related posts

ක්‍රිකට් පුහුණුකරුගේ අර්බුදයට තිදෙනෙක් සමග සාකච්ඡා අරඹයි

Mohamed Dilsad

සිම්බාබ්වේ – බංගලාදේශය අතර ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

Mohamed Dilsad

ජේසන් රෝයිගේ වාර්තාගත ඉනිම

Mohamed Dilsad

Leave a Comment