ක්‍රීඩා

ජේසන් රෝයිගේ වාර්තාගත ඉනිම

(UTV|ඕස්ට්‍රේලියාව)  – ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තරඟ 05 කින් සමන්විත පළමු තරඟය තියුණු සටනකින් අනතුරුව ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.

මෙල්බර්න්හිදී තරඟය පැවති අතර කඩුළු 05කින් තරඟය ජය නීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 08ක් බිඳ වැටී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 304කි.

පිළිතුරු ඉනිම කිී‍්‍රඩා කළ එංගලන්තය පන්දුවාර 48යි පන්දුවාර 2ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී මෙම තරඟය ජය ගත්තේය.

මෙහිදී එංගලන්තය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ ඉනිම වාර්තාගත එකක් විය.

හයේ පහර 05ක්, හතරේ පහර 16ක් සමඟ පන්දු 151කදී ඔහු රැස් කළ ලකුණු 180 මෙම වසරේ මේ වන විට එක්දින තරඟයක් තුල ක්‍රීඩකයෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

ඊට  ඔහු ගතකල කාලය විනාඩි 151කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් චෝදනා

Mohamed Dilsad

2021 වසරේ IPL තරගාවලිය පැවැත්වෙන රට තීරණය කරයි

Mohamed Dilsad

19න් පහළ ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment