දේශීය

පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති කඩන්නන්ට පොලිසියෙන් දැඩි ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – නිරෝධායන රීති සම්බන්ධයෙන් පොදු ප්‍රවාහන සේවාවලට අදාළව විශේෂ මෙහෙයුමක් අද (10) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය පවසයි.   

නිරෝධායන රීති වලට එරෙහිව කටයුතු කරන සියලු රියදුරන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ, ටැක්සි රථ සහ ත්‍රිරෝද රථ පොදු ප්‍රවාහනය දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙත දැඩිව අනුගත විය යුතු බව ඔහු පෙන්වාදෙයි.

යම් හෙයකින් පොදු ප්‍රවාහනයේ දී ඔවුන්ට ලබාදී ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ පොලිස් මෙහෙයුම් අඛණ්ඩව දියත් කිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

එබැවින් පොදු ප්‍රවාහන නිර්දේශ පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් සම්පූර්ණ සුව අතට

Mohamed Dilsad

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.

Editor O

හිටපු ජනාධිපති මහින්ද බලන්න හේෂා විතානගේත් යයි

Editor O

Leave a Comment