දේශීය

ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් වැසේ

(UTV| කොළඹ) – තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.   

මේ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

රාජිත රණසිංහ මහතා පැවසුවේ, දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.

Related posts

එංගලන්තයෙන් නීතිවිරෝධීව ගෙන්වූ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට පියවර

Mohamed Dilsad

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි [VIDEO]

Mohamed Dilsad

අදත් ආසාදිතයින් 251 දෙනෙකු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment