දේශීය

දිවයිනට පැමිණෙන ගුවන් මගීන් අද සිට සීමා කෙරේ

(UTV | කොළඹ) – අද (03) සිට සති දෙකක් යනතුරු ගුවන් යානයකින් එකවර ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි මගීන් ගණන 75 කට සීමා කර ඇත.    

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සියලු ගුවන් සමාගම් සඳහා එය දැනුම් දී තිබේ.

මීට පෙර මෙරටට පැමිණෙන ගුවන් යානයකට උපරිම වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 75ක් සහ ඊට අමතරව විදේශීය සංචාරකයින් රැගෙන ඒමට ද අවසර ලබාදී තිබුණි.

නව සීමා කිරීම්වලට යටත්ව අද සිට දිවයිනට පැමිණිය හැක්කේ එක් ගුවන් යානයකින් ශ්‍රී ලාංකික පුරවැසියන් සහ විදේශීය සංචාරකයින් 75 දෙනෙකුට පමණයි.

Related posts

හම්බෙගමුව කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක අලියෙක් මියගිහින්

Editor O

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද සිට දින තුනක් අඛණ්ඩව රැස්වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් හදනවා – මහින්දානන්ද අලුත්ගමගේ

Editor O

Leave a Comment