ගොසිප්

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් ගීතා පෙරමුණට

(UTV | කොළඹ) – වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හැකිනම් ජනාධිපති සමාව ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.  

දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශණය කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබද විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රීවරිය මෙම ඉල්ලිම කරනු ලැබුවේ.

“රංගන ක්ෂේත්‍රයේ හිටපු ඒ මගේ සහාය රංගන ශිල්පියා, රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන කථා කරන්න ඕන. ඒක මම පක්ෂයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.

මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන්නම් මේ කළාකරුවට කළාවේ නාමයෙන් සමාව දෙන්න කියලා”

මෙම විවාදයට එක්වු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශණය කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයන් පිළිබද බරපතල චෝදනා පවතින බවයි.

Related posts

Sex වචනය පරීක්ෂාවෙන් ශ්‍රී ලංකාව දෙවන තැනට පත්වෙයි

Mohamed Dilsad

මධ්‍යවේදියෙකුත් කොරෝනාවට ගොදුරු වෙයි

Mohamed Dilsad

ගලෙන්බිඳුණුවැව වගාළිඳක කිඹුලන් දොළහක්

Mohamed Dilsad

Leave a Comment