ගොසිප්

Sex වචනය පරීක්ෂාවෙන් ශ්‍රී ලංකාව දෙවන තැනට පත්වෙයි

(UTV |කොළඹ) – SEX’ යන වචනය අන්තර්ජාලය හරහා පරීක්‍ෂා කිරීමෙන් මෙතෙක් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව දැන් දෙවන ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව පසු කරමින් පළමු ස්ථානයට පැමිණීමට ඉතියෝපියාව සමත්ව ඇත.

නවතම Google වාර්තාවන්ට අනුව ගතවූ මාස 12 තුලදී Google අන්තර්ජාල යෙදවුම හරහා වැඩිම අවස්ථා ගණනකදී SEX යන වචනය සොයා තිබෙන්නේ ඉතියෝපියාවයි.

එහි දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවටත්, තෙවන ස්ථානය බංග්ලාදේශය පත්ව තිබෙනවා.

මිට පෙර ලොව වැඩිම වශයෙන් SEX යන වචනය ගුගල් යෙදවුම හරහා සොයනු ලැබූ නගරය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩියෙන්ම SEX යන වචනය සොයා ඇත්තේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි භුබනේෂ්වර් නගරය වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාලීම් නගරයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය බවට පත්ව තිබෙනවා

Related posts

බලතල ලබාදෙන තුරු තවදුරටත් බලා ඉන්නේ නෑ – සජිත්

Mohamed Dilsad

බන්ධනාගාර රැදවියන් අතරත් කොරෝනා භියක්

Mohamed Dilsad

මෘතදේහ බහාලුම් 1000ක් ඉල්ලයි[LETTER]

Mohamed Dilsad

Leave a Comment