ගොසිප්

රන්ජන්ට හිර මැදිරියේ අමානුෂික වද දෙනවා – අගුණුකොළපැලැස්සට ගිය වෙදාරච්චි කියයි

(UTV | හම්බන්තොට) – අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වසර 4 ක සිර දඩුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට මේ වනවිට අමානුෂික වදහිංසාවන්ට ලක්වීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසයි. 

අද දිනයේ තමන් කතානායකවරයාගේ අනුමැතියට යටත්ව රන්ජන් රාමනායක මහතා මුණගැසීමට ගිය නමුත් බන්ධනාගාර නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දණහිස් දෙකම ශල්‍යකර්මවලට ලක් කර ඇති රාමනායක මහතාට වැසිකිළි යාම සඳහා පුටුවක් ලබා දෙන්නැයි වෛද්‍යවරුන් ද නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එම පහසුකම් ලබා දී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එනිසා වැසිකිළි යාමේදී රාමනායක මහතා හඬා වැටෙන බවද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

 

Related posts

රූකඩ මෙන් සිටියි නොහැකියි – හකීම් සමගි ජන බලවේගයේ සමනායකත්වය ඉල්ලයි

Mohamed Dilsad

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු නවතී[RELEASE]

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ආයතන කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment