විදෙස්

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14 කට මරණ දඬුවම

(UTV | බංග්ලාදේශය) – බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයින් 14 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙක් හසීනා ඝාතනය කිරීමට 2000 වසරේදී ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණි. එම ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් දාහතර දෙනෙකුට මෙසේ මරණ දඬුවම හිමි විය.

වෙඩි තැබීමෙන් හෝ එල්ලා මැරීමෙන් මෙම දඬුවම ක්‍රියාත්මක වනු ඇති බව බංග්ලාදේශ වාර්තා සඳහන් කරයි.

අදාළ සැකකරුවන්ගෙන් නවදෙනෙකුට දැනටමත් සිරදඬුවම් හිමිව ඇත. කිලෝග්‍රෑම් 76 ක් බරැති බෝම්බයක් අග්‍රාමත්‍ය ෂෙක් හසීනා අමතමින් සිටි මැතිවරණ රැළියක් ආසන්නයේ පුපුරුවා හැරීමට ත්‍රස්තවාදීන් සැලසුම් කර තිබුණි.

 

Related posts

ටෙක්සාස් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

චිලී රාජ්‍යයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 ක් මරුට

Mohamed Dilsad

යේමන ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 22 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment