ක්‍රීඩා

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

(UTV | කොළඹ) – එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරඟ 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ඉන්දීය සංචිතය අද (19) ප්‍රකාශයට පත්කරනු ලැබීය.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සිව්වන 20 – 20 තරඟයේ දී දක්ෂතා දැක් වූ සූර්යකුමාර් යාදෙව් ද මෙම සංචිතයට නම් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා ගෙන නොමැති Prasidh Krishna ද ඉන්දීය සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය එළඹෙන 23 වනදා පූනේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි සහ තෙවැනි තරඟය පිළිවෙලින් එළඹෙන 26 වනදාත්, 28 වනදාත් පූනේහී දී ම පැවැත්වෙනු ඇත.

 

 

Related posts

ආසියානු කාන්තා ක්‍රිකට් කවුන්සිල අවසන් තරඟය අදයි

Mohamed Dilsad

කුමාර් ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය හෙට ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment