ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ICC ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර ඇත.    

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පසුගියදා (14) ඇන්ටිගුවාහි පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ රිචී රිචර්ඩ්සන් පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව සුපර් ලීගය යටතේ මෙතෙක් කිසිදු ප්‍රසාද ලකුණක් වාර්තා කර නොමැති පසුබිමක මෙලෙස ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි කර ගැනීමට සිදුව ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීතිරීතිවලට යටත්ව විනය කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයකර තිබේ.

ඒ කොදෙව් ඉනිමේ 35 වන පන්දුවාරය යැවූ ධනුෂ්ක ගුණතිලක එම පන්දුවාරයේදී නිකලස් පූරන්ව දවාගැනීමෙන් අනතුරුව විනය විරෝධී අයුරින් හැසිරීම හේතුවෙනි.

ධනුෂ්ක ගුණතිලක අදාළ චෝදනාව පිළිගැනීම හේතුවෙන් ඔහුට ක්‍රීඩක විනය සම්බන්ධයෙන් සෘණ ලකුණක් හිමිකරදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයකර තිබේ.

 

 

Related posts

සන්රයිසස් හයිද්‍රාබාද් IPL දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට

Mohamed Dilsad

ICC සභාපති ධූරයට ඉන්දීයාව යළි තරඟ වදී

Mohamed Dilsad

චැම්පියන්ස්‌ කුසලාන සුදානම ගැන ක්‍රිකට්‌ නායකයා පැහැදිලි කරයි

Mohamed Dilsad

Leave a Comment