ක්‍රීඩා

ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වලදී 10 වන ස්ථානයට පසුබසී

(UTV | කොළඹ) – තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – ‍බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අද අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි.

මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි.

මෙම තරගාවලි පරාජය හමුවේ ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

2006 වසරේ ජුනි මාසයේදී පළමු ජාත්‍යන්තර 20/20 තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එතැන් පටන් එම තරග අංශයෙන් ප්‍රබලතම කණ්ඩායමක් බවට පත් වූ අතර නිරන්තරයෙන්ම ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් කිහිපය අතර පසුවිය.

කෙසේනමුත් පසුගිය වසර කිහිපය තුළ දිගින් දිගටම පරාජයට පත්වීම හේතුවෙන් කොදෙව් තරගාවලිය අවසන් වනවිට ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුව තිබේ.

විශේෂත්වය වන්නේ ඇෆ්ගනිස්තානයද ශ්‍රී ලංකාවට වඩා එක් පියවරක් ඉහළින් සිටීමයි.

 

Related posts

එංගලන්ත සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

ඉන්දියාවට කඩුළු 4 ක ජයක්

Mohamed Dilsad

ක්‍රිකට් පුහුණුකරුගේ අර්බුදයට තිදෙනෙක් සමග සාකච්ඡා අරඹයි

Mohamed Dilsad

Leave a Comment