විදෙස්

ඇමෙරිකාව පුරා ජාතික කොඩි දින 05 ක් අඩකුඹු වෙයි

(UTV | ඇමරිකාව) – කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා යාමත් සමග ඇමරිකාව පුරා ජාතික ධජ ඉදිරි දින 05 තුළදී අඩකුඹු කර තැබීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා උපදෙස් ලබාදී තිබේ.

කොරෝනා මරණ ලක්ෂ 05 ඉක්මවා ගිය පළමු රට වන්නේද ඇමරිකාවයි. මේ දක්වා අමෙරිකාවේ සටහන්වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 28 ඉක්මවා ගොස් ඇත.

ඒ වෙනුවෙන් ධවල මන්දිරය ඉදිරිපිට විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවති අතර ජනාධිපතිවරයා – උප ජනාධිපතිනිය ඇතුලු පිරිසක් ඊට සහභාගී වී තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී වොෂින්ටන් නගරයේ දේවස්ථානවල සීනු 500 වරක් නාද කර තිබුණේද කොරෝනා වසංගතයට ගොදුරුවී මියගිය ඇමරිකානුවන් සැමරීම සඳහායි.

 

Related posts

පැරිසියේ මහල් ගොඩනැඟිල්ලක හටගත් ගින්නෙන් හත්දෙනෙක් ජිවිතක්ෂයට.

Mohamed Dilsad

පාකිස්ථාන ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගනී

Mohamed Dilsad

ෆයිසර් සමාගමෙනුත් කොරෝනා පෙත්තක්

Mohamed Dilsad

Leave a Comment