ක්‍රීඩා

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

(UTV | ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114 දෙනෙකු ලියාපදිංචි වී සිටිය ද ඉන් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292 දෙනෙකු පමණයි.

ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙකු, විදෙස් ක්‍රීඩකයින් 125 දෙනෙකු සහ ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයින් තිදෙනෙකු ලැයිස්තුගත වී සිටියි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වුවද, අවසන් ලැයිස්තුවට තෝරා ගැනුනේ ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් අද පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇති. විදෙස් ක්‍රීඩකයින් 42 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 139 දෙනෙකු කණ්ඩායම් 8 විසින් සිය සංචිතවල රදවා ගැනීමට ඉකුත්දා තීරණය කළා.

වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක ඛාණ්ඩයට ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත්.

ඊට හර්බජාන් සිං සහ කෙදාර් ජාදාව් යන ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා මෙන්ම, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, ශකිබ් අල් හසන්, මොයීන් අලී, සෑම් බිලින්ග්ස්, ලියම් ප්ලන්කට්, ජේසන් රෝයි සහ මාර්ක් වුඩ් යන විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා ඇතුළත්ව සිටියි.

 

Related posts

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

Mohamed Dilsad

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

Mohamed Dilsad

ඇෆ්ගන් නායකයා ජයග්‍රහණයේ රහස හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment