ගොසිප්

දිනෙන් දින ඉහළ යන ආසාදිතයන්ට හේතුව

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණවල බරපතල වෙනසක් නොමැති බවත් එය ආසාදනයවූ පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි ඉඩකඩක් ඇති බැවින් ඉදිරියේදී ආසාදිතයින් වැඩිවීමේ හැකියාවක් පවතින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු සඳහන් කලේ මෙම බ්‍රිතාන්‍යය වෛරස් ප්‍රභේදය සෙසු වෛරස් කාණ්ඩ වලට වඩා 70 % කින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් මේ හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම නිසා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැකි බවත්ය.

මේ වන විටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන අතර ඇතැම් විට මෙය ඊට හේතුවක් විය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට හැක්කේ ඉදිරියේදී සිදුකරනු ලබන ජානමය පරීක්ෂණ මගින් ලැබෙන ප්‍රථිපල මත බව ද ආචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

සියලුම පොලිස් ස්ථාන සදහා පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

90 වියේ පසුවන හොරණ කාන්තාවකටත් කොරෝනා

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ ගී ගයමින් රැය පහන් කරන එජාප ආධාරකරුවන්

Mohamed Dilsad

Leave a Comment