ගොසිප්

සියලුම පොලිස් ස්ථාන සදහා පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

(UTV | කොළඹ) – ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ අලූත් අවුරුදු උත්සව පැවැත්වීම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල මෙලෙස අලූත් අවුරුදු උත්සව සංවිධාන කර ඇති බවට ලැබී තිබූ තොරතුරු මත ජංගම සංචාර සහ යතුරුපැදි සංචාර වැඩි වශයෙන් යොදවා මහජන ඒකරාශීවීම් නතර කරන ලෙසට දැනුම් දී ඇති බවයි.

හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අවුරුදු උත්සව ආදී කටයුතු සඳහා එක්රැස්වීමෙන් වළකින ලෙස පොලීසිය සියලුඋම ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

Related posts

වඳ සැත්කම් ගැන රට ගිනි තියපු බොරුවට මොකද්ද වුනේ?

Mohamed Dilsad

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

කැරොලයින් නිහඬතාවය බිඳ දමමින් කරළියට

Mohamed Dilsad

Leave a Comment