ගොසිප්

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

(UTV | කොළඹ) – එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස අතර අද මුහුණට මුහුණ ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වීමට නියමිතය.

ඒ පක්ෂ නායකත්වය මුල් කරගෙනය.

‌මෙම හමුව පැවැත්වීමට තීන්දු වී ඇත්තේ ඊයේ (27) රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ සභාපති කබීර් හෂීම් අතර පැවැති සාකච්ජාවකින් අනතුරුව බව වාර්තාවේ.

මෙම සාකච්ජාවේදී  පක්ෂ නායකත්වය හැර නව සන්ධානයේ නායකත්වයත්, ‌මහලේකම් ධූරයත් සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා ‌දීමට රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවේ.

එසේම ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලයිස්තු ධූර 2ක් තමන්ට ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීමක් කිරීමට ද නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව සඳහා ‌ප්‍රේමදාස මහතා එකගතාව පළ ‌කොට ඇති අතර කිසිදු අතරමැදියකු සහභාගී කර නොගෙන තමා සමග තනිවම රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ජාවට පැමිණිය යුතු බවට ‌කොන්දේසියක්ද ඉදිරිපත් ‌කර ඇති බව වාර්තා වේ.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ‌ප්‍රේමදාස අද රාත්‍රියේදී ‌හෝ ‌හෙට (29) පෙරවරුවේ  සිය ඉදිරි ‌දේශපාලන සැලසුම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

රන්ජන්ගේ ජීවිතය අවදානමක බව සජිත් කියයි

Mohamed Dilsad

ආමීර් – කිරාන් දික්කසාද වෙයි

Mohamed Dilsad

අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවේ

Mohamed Dilsad

Leave a Comment