දේශීය

නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 2 ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.

2008 සහ 2009 වසරවල තරුණයින්ට එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

Related posts

කොරෝනා නීති නොතකන අය සොයා මෙහෙයුම් [PHOTOS]

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයි

Mohamed Dilsad

සුවය ලැබූ තවත් නාවික සෙබළුන් පිරිසක් රෝහල් වලින් පිට වෙයි

Mohamed Dilsad

Leave a Comment