ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක අද අලුයම අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී ය මිය ගොස් තිබේ.

මිය යනවිට ඇගේ වයස අවුරුදු 58 කි.

9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ගාන්ධිනී රාජපක්ෂගේ දේහය නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු හෙට පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related posts

රජයේ මිනින්දෝරුවන් ආරම්භ කළ වර්ජනය අදත්

Mohamed Dilsad

අද මධ්‍යම, උතුර සහ ඌව පළාතේ දමිළ පාසල් වැසේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment