ක්‍රීඩා

චැම්පියන්ස් ලීග් ඉන්දියානු සංචිතය නම් කරයි

(උදයම්,ඉන්දියාව)  – චැම්පියන්ස් ලීග් කුසලාන තරගාවලියට සහභාගී වන ඉන්දියානු සංචිතය නම් කරයි.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පිළිබඳ ගන්නා තීරණය ගැන සාකච්ඡා කිරීමට, ඉන්දීය ක්‍රිකට් ආයතන බලධාරීන් ඊයේ (7) ඉන්දියාවේ දිල්ලි නුවර දී විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණි.

එහි දී ඔවුන්ගේ නිල සංචිතය අද(8)  ප්‍රකාශයට පත් කරන බව තීරණය කරන ලදි.

ඒ අනුව එහි නායකත්වය විරාත් කෝලිට හිමිවී ඇති අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම එම සංචිතයට එක්කර ඇත.

රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, මනිෂ් පාන්ඩේ, අජින්ක්‍යා රහනි, යුවරාජ් සිං, මහේන්ද්‍ර සිං දෝනි,රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, කේදර් ජාදෙව්, හර්දික් පාණ්ඩයා, උමේෂ් යාදෙව්, ජෂ්ප්‍රිට් බුම්රාෂ්, බුවනේශ්වර් කුමාර් සහ මොහොමඩ් සාමි එම සංචිතයට ඇතුලත් කර තිබේ.

Related posts

ලබන වසරේ T 10 වලට යන ක්‍රිකට් ක්‍රීඩකයින් නම් කරයි

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස්ට IPL ජය

Mohamed Dilsad

කොරෝනා මර්දනයට බාසිලෝනා සිය වැටුපෙන් 70% ක් ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment