ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස්ට IPL ජය

(UTV | ඉන්දියා)  – 13 වැනි IPL තරඟාවලියේ ශූරයින් බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (10) සමත් වුහ.

මෙවර අවසන් සටනට පිවිසුනේ මුම්බායි ඉන්දියන්ස් සහ IPL අවසන් තරඟයට එක්වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමය.

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් සිව්වරක් IPL කුසලානය ජය ගත් මුම්බායි කණ්ඩායම අවසන් සටනට එක් වූ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

එහි නායකත් ගත්තේ මෙවර තරඟාවලියේ ලාබාලතම නායකයා වන ශ්‍රියස් අයියර් විසිනි.

අවසන් මහා තරඟය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ කඩුලු 05කිනි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක ශ්‍රියස් අයියර් නොදැවී ලකුණු 65ක් රැස්කළ අතර ඔහු සමඟින් එක්වූ රිෂාබ් පාන්ට් ලකුණු 56ක් රැස්කමින් දිල්ලි ඉනිම ගොඩ නැගුවේය.

දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 156ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී ට්‍රේන්ට් බෝල්ට් කඩුලු 03ක් බිද දැමූ අතර නේතන් කොල්ටර් නයිල් කඩුලු 02ක් බිද දැමුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04කදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

මුම්බායි පිල ජයග්‍රහණය සඳහා රැගෙන යාමට මූලික වූ රෝහිත් ශර්මා ලකුණු 68ක් ලබා ගත්තේය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 05වන වරටත් IPL ශූරතාව දිනා ගත්හ.

Related posts

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඩොලර් මිලියන 800ක් වෙන් කරයි

Mohamed Dilsad

ඩිල්ෂාන්ගේ උපන් දිනට ICC යෙන් සිංහල සුභ පැතුමක්

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා අතර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය ජනවාරියේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment