දේශීය

හිටපු ඇමති රාජිත ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා

(UTV| කොළඹ) – 2014 වසරේදී නිදහස් සන්ධාන රජය සමයේ ධීවර ඇමතිවරයා ලෙස සිටියදී මෝදර ධීවර වරායට අදාළව ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියකදී රජයට පාඩුවක් සිදුවන අයුරින් අක්‍රමිකතාවයක් කලැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර ඇත.

ඉන් අනතුරුව ඔවුන් තිදෙනාම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියම කළේය.

එවක ධීවර නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවීන්ද්‍ර මුණසිංහ යන මහත්වරුන් මෙහි අනෙකුත් විත්තිකරුවන් වෙයි.

එම නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් 21 වනදා සිදුකිරීමට නියමිතය.

 

 

Related posts

හිටපු ඇමති රාජිතගේ නඩුවකට අධිකරණය දුන් නියෝගය

Editor O

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස කඩා වැටෙයි. : උද්ධමනයත් ඉහළ යයි.

Editor O

Leave a Comment