Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස කඩා වැටෙයි. : උද්ධමනයත් ඉහළ යයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 322.55කින් පහළ ගොස් ඒකක 16,765.40ක් විය. S&P SL20 මිල දර්ශකය ඒකක 108.10 කින් පහළ ගොස් ඒකක 4,991.18ක් විය. අද පිරිවැටුම රු. බිලියන 2.49කි.

මේ අතර, පසුගිය මැයි මාසයේදී පාරිභෝගික උද්ධමනය ඉහළගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේ දී – 0.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මැයි මාසය සඳහා 0.6% ක් දක්වා වැඩි වී තිබේ.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී 5.9% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, අප්‍රේල් මාසයේ දී -3.7 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

Minister Rishad calls for Parliament Select Committee

Mohamed Dilsad

தபால் மா அதிபராக ரஞ்சித் ஆரியரத்ன நியமனம்

Mohamed Dilsad

දරු දෙදෙනා සමග මවක් ළිඳට පනී

Mohamed Dilsad

Leave a Comment