විදෙස්

කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ හටගත් කලහකාරි තත්ත්වයෙන් සිව් දෙනෙක් මරුට

(UTV |ඇමෙරිකාව) – වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදී සිදුවූ වෙඩි හුවමාරුවේදී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

සිදුවූ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ සිව් දෙනෙකු එළෙස මරණයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී පොලීසිය සිදුකළ වෙඩි පහරින් එක් කාන්තාවක් මිය ගිය අතර ඇය හිටපු ගුවන් හමුදා නිලධාරිනියක බව වාර්තා වේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමත් සමග මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති විය.

මේ වනවිට වොෂින්ටන් අගනුවරට දින 15ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

ජෝ බයිඩ්න් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත ජනවාරි මස 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

එන්නත් නොදෙන බවට යුරෝපා කොමිසමෙන් රතු එළියක්

Mohamed Dilsad

ඩෝරියන් සුළි කුණාටුව නිසා බහමාස් දිවයිනේ නායයෑම් තත්ත්වයක් [video]

Mohamed Dilsad

හජ් වන්දනාවට එන බැතිමතුන්ට එන්නත අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment