විදෙස්

හජ් වන්දනාවට එන බැතිමතුන්ට එන්නත අනිවාර්යයි

(UTV | සවුදි අරාබිය) – මේ වසරේ, හජ් වන්දනාව සදහා සහභාගී වියහැක්කේ කෝවිඩ් මර්දන එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් බව සවුදි අරාබිය අවධාරණය කරයි.

කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා මෙම තීරණය ගෙන තිබේ.

එබැවින්,මක්කමට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, ඒ වෙනුවෙන් එහි සියලු පිවිසුම් ස්ථාන සඳහා අවශ්‍ය පිරිස යොදවමින් සුරක්ෂිතතාව ඇතිකිරීමටත් රජය සූදානම් විය යුතු බව සවුදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍ය තවුෆික් අල්‍ රබීන් මහතා පැවසීය.

ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත්ම වන්දනයක් වන හජ් වන්දනය සදහා විවිධ රටවල්වලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මක්කම පුදබිම වෙත වාර්ෂිකව පැමිණෙති. ජීවිතයේ එක්වරක් හෝ මක්කම සංචාරය කිරීම බැතිමතුන්ගේ අභිලාශයයි. හජ් වන්දනය ඉස්ලාමීය මාස ක්‍රමයේ දොලොස්වන මස වන දුල් හජ් මස 8 වන දින සිට 12 වන දින දක්වා සිදුකෙරේ.

කොරෝනා වසංගතයේ ලෝක ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉකුත් වසරේදී හජ් වන්දනය අවලංගු කිරීමට සවුදි අරාබිය තීරණය කළේය.

පසුව එම පිරිස අරාබියේ බැතිමතුන් 1000 ක් දක්වා සීමා කිරීමට කටයුතු කෙරිණි.

 

Related posts

ඉන්දියාවේ භූමිකම්පාවක්…

Editor O

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරව අත්හිටුවයි

Mohamed Dilsad

ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment