විදෙස්

ඩුබායිහි කෝවිඩ් එන්නත් නොමිලේ නිකුත් කරයි

(UTV |එක්සත් අරාබි එමීර් රාජ්‍යය) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට දැන් කෝවිඩ් එන්නත් නොමිලේ ලබා දීම ආරම්භ කර තිබේ.

මේ අනුව එම කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන කිහිපයක් තිබේ.

මේ වන විට එන්නත් වර්ග දෙකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති අතර ඒවා නම් ෆයිසර්-බයෝ එන්ටෙක් සහ චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම්ය.

මේ අනුව එම එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා පිහිටි මධ්‍යස්ථාන 11 කදී  නොමිලේ ලබා ගත හැක.

Related posts

ප්‍රථම වරට චීනයෙන් – ඉරාකයට කොවිඩ් එන්නත් ප්‍රධානයක්

Mohamed Dilsad

ඉරාන විප්ලවකාරී හමුදාව ඇමෙරිකාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

ස්කොට්ලන්තයේ විශාල ගින්නක්

Mohamed Dilsad

Leave a Comment