විදෙස්

කොරෝනා රෝගීන්ට ශ්වසන යන්ත්‍ර සාදන්නැයි නියෝග

(UTV |ඇමෙරිකාව) – ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන මේ වනවිට 104,000 ඉක්මවා ගොස් ඇත.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකාවයි.

එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 1,700 කට ආසන්න වේ.

මේ නිසා කොරෝනා රෝගීන් සඳහා ශ්වසන යන්ත්‍ර නිෂ්පාදනය කරන්නැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කරය තිබේ.

කොරියානු යුද සමයේ ක්‍රියාත්මක කෙරුණු ආරක්ෂක නිෂ්පාදන පනතක් බලාත්මක කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය කර ඇත.

එම පනතට අනුව ජාතික ආරක්ෂාව සඳහා නිෂ්පාදන කටයුතු කරන්නැයි සමාගම්වලට නියෝග කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබේ.

Related posts

ඊජිප්තුවේ ස්ට්‍රෝබෙරි ආනයනය සෞදිය තහනම් කරයි

Mohamed Dilsad

උතුරු කොරියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

පුටින්ගේ අලුත්ම සැලැස්ම

Mohamed Dilsad

Leave a Comment