දේශීය

කොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය පාලනයට දැනට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විද්වත් කමිටුවල උපදෙස් අනුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 

එහි ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ , දැනට ගෙන ඇති තීරණවලින් මහජනතාවට සිදුවන අවහිරතා මගහැරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි.

දැනට සකස් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇති ඇතැම් කරුණුවල විද්‍යාත්මක පදනම විමසා බැලීමක් සිදු කරන බව ද ඔහු අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුව සමග අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සාකච්ඡා පවත්වා කරුණු විමසා ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉන්ධන මිල දී ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් ඉල්ලීම

Mohamed Dilsad

මහ බැංකු අධිපතිවරයාට සංදේශයක්

Mohamed Dilsad

ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය

Editor O

Leave a Comment