දේශීය

කොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය පාලනයට දැනට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විද්වත් කමිටුවල උපදෙස් අනුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 

එහි ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ , දැනට ගෙන ඇති තීරණවලින් මහජනතාවට සිදුවන අවහිරතා මගහැරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි.

දැනට සකස් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇති ඇතැම් කරුණුවල විද්‍යාත්මක පදනම විමසා බැලීමක් සිදු කරන බව ද ඔහු අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුව සමග අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සාකච්ඡා පවත්වා කරුණු විමසා ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ LTTE සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

Mohamed Dilsad

අධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයි

Mohamed Dilsad

Leave a Comment