දේශීය

මහ බැංකු අධිපතිවරයාට සංදේශයක්

(UTV | කොළඹ) – මහ බැංකුව විසින් ණය පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ණයහිමියන්ට දැරිය නොහැකි ලෙස ණය වාරික ඉහළ ගොස් ඇති බව ප්‍රජා බලය ජනතා සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන පවසයි.

මේ හේතුවෙන් ඇතැම් ණයහිමියන් ජීවිත පවා අහිමිකර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මේ බව කියා සියේය.

එමෙන්ම ඒ මහතා පෙන්වා දුන්නේ, ණයහිමියන් සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.

ඔහු විසින් මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයාට සංදේශයක් ද භාරදී ඇත.

Related posts

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

කොරෝනා වැළඳුනු ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් නෑ – වැඩබලන තානාපති

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment