ගොසිප්

කොළඹ තත්ත්වය අවධානම්.සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්

(UTV |කොළඹ) – පවතින තත්වය සළකා බස්නාහිර පළාත තුළ දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

උත්සව සමයේ විවිධ මිලදී ගැනීම් සඳහා නගරයට පැමිණෙන පිරිස් සහ ගම්බිම් බලා යන පිරිස් හේතුවෙන් ඉදිරි කාලයේ මෙම අවදානම තවත් වැඩි වන බව එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

දිනක් තුළ කොළඹින් පුද්ගලයන් විසි පන්දහසක් පිට පළාත්වලට සංක්‍රමණය වීම හේතුවෙන් පිට පළාත්වලටද වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුව ඇත.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 36,667 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 171ක් වේ.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 618ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පිරිස 241ක් වන අතර, කළුතරින් ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99ක් හා ආසාදිතයින් 158 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස 31 දෙනෙක් බොරැල්ලෙන් වාර්තා වී ඇත.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් 30ක්, කොම්පඤ්ඤවීදියෙන් 28ක්, වැල්ලවත්තෙන් 27ක්, මට්ටක්කුලියෙන් 23ක්, මරදානේ 17ක්, බ්ලූමැන්ඩල් 16ක්, දෙමටගොඩ 8ක්, වැල්ලම්පිටියෙන් හා දෙහිවලින් 5ක්, රත්මලාන, මොරටුව, කොල්ලුපිටිය හා කිරුළපනින් ආසාදිතයින් 4 බැගින් ද , අලුත්කඩේ, අඟුලානෙන් හා හංවැල්ලෙන් ආසාදිතයින් තිදෙනා බැගින් ද , පුවක්පිටිය, ගල්කිස්ස, කළුබෝවිල හා ගොතටුවෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද, කුරුදුවත්ත, අතුරුගිරිය, හඳපාන්ගොඩ, කොස්ගම, නාවල, රද්දොළුගම හා රාජගිරියෙන් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අද සිට නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයන් සෙවීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවයි.

Related posts

අලුත් දරුවාට කරිනා නමක් තියෙලා

Mohamed Dilsad

ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…

Mohamed Dilsad

අවශ්‍ය නම් පැයෙන් පැය ගැසට් ගහනවා

Mohamed Dilsad

Leave a Comment