දේශීය

පොලිසියෙන් මහජනතාව වෙත කළ ඉල්ලීම

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යයයේ නිරත සෞඛ්‍ය බළධාරින් හෝ ආරක්ෂක අංශ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක නොපැකිලිව ඒ සඳහා සහය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

රෝග වැළැක්වීමේ පනත යටතේද මහජනතාව ඊට බැදී සිටින බව ඒ මහතා අවධාරණය කරයි.

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී හෝ නිවසින් බැහැරට ගමන් කිරීමේදී නම ලිපිනය සහ දුරකථන අංකය සටහන් කරන ලද කොල කැබලි කිහිපයක් නිතරම ළග තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related posts

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

Editor O

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

Editor O

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

Mohamed Dilsad

Leave a Comment