කලා

හෙළයේ මහා ගාන්ධර්වයන්ගේ 93 වන ජන්ම දිනය අදයි

(UTV| කොළඹ) – හෙළයේ මහා ගාන්ධර්වයා යනුවෙන් විරුදාවලි ලත් මෙරට සංගීත වංශ කතාව ආසන්නත ම වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක පාර්ශ්වයෙන් පෝෂණය කළ පුරෝගාමී සංගීතඥයා වූ ඩබ්ලිව්. ඩී. අමදේවයන්ගේ 93 වන ජන්ම දිනය ද අදට (05) යෙදී තිබේ.

1927 දෙසැම්බර් 5 වන දා එතුමා ජන්ම ලාභය ලැබීය.

කෙසේ වෙතත් මීට වසර 04 කට පෙර අභාවප්‍රාප්ත වූ ඩබ්ලිව්.ඩි. අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ තවමත් ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

අමරදේවයන් ගේ අවමංගල්‍යය සිදුවූයේ 2016 නොවැම්බර් 05 වන දා නිදහස් චතුරශ්‍රයේදීය. ඒ සඳහා ඉහළ ම රාජ්‍ය ගෞරව එදා හිමිවිය.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගේ මූලිකත්වයෙන් ‘අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය’ පිළිබඳ අදහසක් ගොඩනැගූ අතර , එය ක්‍රියාවට නැංවී ඒ වෙනුවෙන් 2018 ජුනි මස 14 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයක් ද නිකුත් විණි.

එහෙත් 2019 අගෝස්තු මස වන විටත් මේ කියන ‘අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයේ, වැඩ කටයුතු නිසි පරිදි අවසන් වී නොමැත.

 

Related posts

නේහාගේ ‘මිලේ හෝ තුම්’ ගීතය නැරඹුම් වාර මිලියන 20 ඉක්මවයි

Mohamed Dilsad

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

Mohamed Dilsad

සරාගී කිම් හිටපු සැමියා යළි එකතු වෙන්න අවශ්‍ය බව කියයි

Mohamed Dilsad

Leave a Comment