දේශීය

බුරවීගෙන් බරපතල හානියක් නැහැ.තවදුරටත් අවධානයෙන් ඉන්න

(UTV |කොළඹ) – “බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකක වාර්තා කර ඇති බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් අතුල කරුණානායක මහතා පැවසුවේ එක් පුද්ගල මරණයක් වාර්තා වන බවය.

කෙසේ නමුත් සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඊයේ (02) රාත්‍රී 10.30 – 11.30 ත් අතර සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු වූ අතර මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර මන්නාරම් බොක්ක වෙත අද උදය වරුවේ ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එම පද්ධතිය හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකිය. එමෙන්ම වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බව කාලගුණ අංශය පවසයි.

Related posts

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ?

Mohamed Dilsad

ඇමරිකා තීරු බදුවලට ශ්‍රී ලංකාව මුහුණ දියයුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්

Editor O

අදත් පැයක විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment