කලා

ආශා ඩි වොස් මේ වසරේ සාගර වීරවරිය වෙයි

(UTV |කොළඹ) – මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය (Sea Hero)ලෙස නම් කර තිබේ.

ඒ ලොව ප්‍රකට සාගර සංරක්ෂණ හා සාගර සම්පත් සුරැකුම් පිළිබඳ කතාබහ කෙරෙන ස්කුබා ඩයිවින්ග්ස් (Scuba Diving)සඟරාව විසිනි.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය ඉටු කල සේවය පදනම් කරගෙනයි ඇය මෙම නම් කිරීමට ලක්වී ඇත.

සාගර පර්යේෂණ වෙනුවෙන් ඇයට ඩොලර් 5000 ක ත්‍යාගයක් හිමිවන අතර සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා එම මුදල යෙදවීමට නියමිතය.

Related posts

ඓයිෂ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා

Mohamed Dilsad

‘මුන්නා මයිකල්’ ලොවපුරා තිරගත වීමට නියමිතයි (වීඩියෝ)

Mohamed Dilsad

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

1 comment

Fernando December 2, 2020 at 11:46 pm

මෙයාට මොනවා කරාට දෙනවාද.. අර පානදුර මිනිස්සු ටික නෑතම් 🐟 මැරිලා … ඔකතමා කියනේ වෙන අයගේ හම ගිහිල්ලා මුන්ගේ නම යනවා කියලා …

Reply

Leave a Comment