විදෙස්

ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට

(UTV | ඇෆ්ඝනිස්ථානය ) – ඇෆ්ඝනිස්ථානයේ මධ්‍යම බාමියන්හි සිදුවූ පිපිරීම් දෙකකින් 14 දෙනකු මියගොස්, 45 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මියගිය අය අතර රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින අතර අනෙක් අය සිවිල් වැසියන් වෙයි.

බාමියන් නගරයේ ප්‍රධාන කඩමණ්ඩියක මාර්ගයක් අසල බෝම්බ දෙක සඟවා තිබී ඇති බව ද එරට පොලිසිය සඳහන් කරයි.

ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක සටන්කාමී කණ්ඩායමක් වන තලේබාන්වරුන් මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

කෙසේවුවද ඇෆ්ඝනිස්ථාන රජයේ හමුදා සහ තලේබාන් සටන්කරුවන් අතර ඇතිවූ සටන් වලින් මේ වසරේ මුල් මාස නවය තුළ සිවිල් වැසියන් 6,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් හෝ තුවාල ලබා තිබේ.

 

 

Related posts

කිඹුලෙකුගේ මුව තුලට හිස දමන මිනිසාට සිදුවන දේ බලන්න

Mohamed Dilsad

ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංක්‍රමණික නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment