විදෙස්

කොරෝනා ව්‍යාප්තිය දැඩි වෙයි – උතුරු කොරියාවෙනුත් තහනමක් [PHOTOS]

(UTV | උතුරු කොරියාව) –  උතුරු කොරියාව විසින් සිය රටට පැමිණෙන චීන සංචාරකයින්ට තහනමක් පැනවීමට කටයුතු කර තිබේ.

ඒ චීනයේ පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන්.

නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කළ වෛද්‍ය සේවකයින් 20 දෙනෙකු පමණ එම වෛරසයට ගොදුරුවී ඇති බව චීන සෞඛ්‍ය බලධාරින් තහවුරු කර සිටියේය.

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයට මේ වන විට පුද්ගලයින් 325 දෙනෙක් ගොදුරුවී ඇති අතර , සය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තයට අමතරව අමෙරිකාවෙන් සහ තායිලන්තයෙන් ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් වාර්තා වී තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව, අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක ගුවන් තොටුපළවල් සිය රටට ඇතුල්වන ගුවන් මගින් විමර්ශනය කිරීමේ ක්‍රමවේදයන් ආරම්භ කර ඇත.

කොරෝනා වෛරසය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පිලිපීනය සහ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරින් විසින් මේ වන විට අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය කරයි.

චීනය ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වන මෙම වෛරසය ලොවපුරා පැතිරියාමේ අවධානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අද දිනයේදී විශේෂ කමිටු රැස්වීමක් ද කැඳවා තිබේ.

Related posts

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

Mohamed Dilsad

කිම් ජෝන් නෑම් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 කට නවතී

Mohamed Dilsad

Leave a Comment