දේශීය

පාකිස්තානු ජාතිකයන් 43 ක් මෙරටින් පිටුවහල් කරයි

(UTV | කොළඹ) – සෞදි අරාබියේ ආරක්ෂිත නිවාස 150 ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි පැය 48 ක් ඇතුළත දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දිනකට ගුවන් වාර 02 ක් මගින් ඔවුන් රැගෙන ඒමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (03) පැවති සාකච්ඡාවකදී සඳහන් වී තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග සෞදි අරාබියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ නේවාසික හා රැකියා අවස්ථා සඳහා දැඩි ලෙස බලපෑම් සිදුවීම මීට හේතුවී ඇත.

මීට අමතරව , ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත අද අලුයම මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.

මෙරට මහාධිකරණ මගින් වැරදි කරුවන් වී වසර 10 – 15 ක් තරම් කාළයක් සිර දඩුවම් විදිමින් සිටි පාකිස්තානු ජාතිකයන් පිරිසක් මෙලෙස පිටුවහල් කර ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ .

මෙම සිරකරුවන් පිරිස රැගෙනයාම සදහා පාකිස්ථාන ආරක්ෂක නිලධාරීන් 86 දෙනෙකු සමග එරට ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ රාත්‍රී 10.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වී තිබුණි.

 

 

 

 

Related posts

රජගලතැන්න අනතුරේ

Mohamed Dilsad

ජල සහ විදුලි ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

Leave a Comment