දේශීය

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

(UTV | කොළඹ) – විදෙස්ගතව සිටින ලාංකිකයන්ගේ ඉඩම් දේශපාලන බලපෑමක් සහිත පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමක් මෙහිදි සිදුව ඇති බවයි නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ.

මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසටද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

දින 07 ක් ඇතුළත එහි ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්ද නීතිපතිවරයා විසින් කැඳවා ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව වහාම ඉවතට [RELEASE]

Mohamed Dilsad

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ සඳහා රාජ්‍ය මාධ්‍යවල ගුවන් කාලය වෙන් වුණ විදිය

Editor O

Leave a Comment