දේශීය

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

(UTV | කොළඹ) – විදෙස්ගතව සිටින ලාංකිකයන්ගේ ඉඩම් දේශපාලන බලපෑමක් සහිත පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමක් මෙහිදි සිදුව ඇති බවයි නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ.

මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසටද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

දින 07 ක් ඇතුළත එහි ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්ද නීතිපතිවරයා විසින් කැඳවා ඇත.

Related posts

නව ජනාධිපති කාර්ය සාධක බලකා 2ක්

Mohamed Dilsad

ඔබේසේකරපුර ත්වත් තිදෙනකු කොරෝනා යැයි සැක පිට රෝහලට

Mohamed Dilsad

මහරගම අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment