දේශීය

නව ජනාධිපති කාර්ය සාධක බලකා 2ක්

(UTV | කොළඹ ) – ජනාධිපතිතුමා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

එම කාර්ය සාධක බලකායට පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ හිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු අයත් වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එම බලකායේ සභාපතිත්වය හොබවන අතර පුරා විද්‍යා අධ්‍යාක්ෂ ජනරාල්වරයා කාර්ය සාධක බලකායට ඇතුළත් ය.

මැනුම්පතිවරයා හා ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය ද කාර්ය සාධක බලකායට ඇතුළත්ය.

නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනා ගැනීම හා ඒවා සංරක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම මෙම කාර්ය සාධක බලකායට පවරා තිබේ.

ජනාධිපතිතුමා විසින් මීට අමතරව සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කරනු ලැබ තිබේ.

මීට අමතරව එම කාර්ය සාධක බලකායට ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානියා, රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයා ඇතුළු පිරිසක් ද එහි සාමාජිකයින් ලෙස නම් කර ඇත.

Related posts

පාතාලය මඩින අලුත්ම ක්‍රමය

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

Mohamed Dilsad

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

Leave a Comment