දේශීය

පාතාලය මඩින අලුත්ම ක්‍රමය

ඉදිරි මාස 06 තුළ අපරාධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

 

ඔහු පැවසුවේ විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති අතර ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේ වන විට පොලිස් භාරයේ පසුවන බවය.

 

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

 

“දකුණු පළාතේ සිදුවිම් ගණනාවක් පසුගිය දවස්වල සිද්ධ වුණා. මේවා ඔක්කොම මෙහෙය වන්නේ විදේශගත වෙලා ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙලේ අපරාධකරුවන්. අපි සතුටින් මතක් කරන්න එවැනි මහා පරිමාණ අපරාධකරුවන් තුන්දෙනෙක් විතර මේ වෙද්දි පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. ඒ අයව ඒ රටවල්වලින් කොටු කරලා මෙහෙට ගෙනාවේ. ඒ නිසා ඉතා ක්‍රමනුකූල වැඩපිළිවෙලක් තුළ, අපි මාස හයක් වගේ කාලය තුළ මේ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියත්මක වන ඒවා පාලනය කරලා, සම්පුර්ණයෙන්ම පාතාල ක්‍රිියාකාරකම් නැති කරන්න අවශ්‍යකරන සැලසුම් හදලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඔබේ ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලන, ව්‍යාපාරිකයින්ට තර්ජනය කරලා මුදල් ලබාගන්න පුද්ගලයින් ඉන්නවා නම් කරුණාකරලා ඔබේ අපට පරිසරය තුළ ඉන්න එවැනි අය ගැන දන්නවා නම් සම්පත් දායකයෙක් ලෙස පොලීසියට ඔබේ සහයෝගය ලබාදෙන්න.”

 

Related posts

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

Mohamed Dilsad

ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට [ RELEASE]

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment