දේශීය

දිවයින පුරා 67,000 ක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – මේ වන විට දිවයින පුරා පුද්ගලයන් 67,000 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔවුන් පවුල් 25‍,000 කට අයත් වන අතර, වැඩි පිරිසක් කොළඹ හා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8,747 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 5,500 ක් ඒ අතර වෙයි.

මෙම නිරෝධායන ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වෙන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

Related posts

නවම් පුර පසළොස්වක පොහොය අද යි

Editor O

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

Mohamed Dilsad

ගතවූ පැය 24 ට නිරෝධායන නීති නොතැකූ 947 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment