දේශීය

දිවයින පුරා 67,000 ක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – මේ වන විට දිවයින පුරා පුද්ගලයන් 67,000 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔවුන් පවුල් 25‍,000 කට අයත් වන අතර, වැඩි පිරිසක් කොළඹ හා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8,747 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 5,500 ක් ඒ අතර වෙයි.

මෙම නිරෝධායන ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වෙන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

Related posts

සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම්

Mohamed Dilsad

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

Mohamed Dilsad

Leave a Comment