දේශීය

බස්නාහිර පළාතේ රාජ්‍ය සේවකයින්ට යළිත් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

(UTV | කොළඹ) – “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය.

මෙම වසරේ අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් අද (29)  සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

Related posts

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කිරීම කල් යයි

Editor O

මාස 6 කින් විදුලිය මිලදී ගැනීම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සමාජ මාධ්‍ය සටහනකට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් රිමාන්ඩ් කළ තරුණයා නිදොස් කර නිදහස් කරයි.

Editor O

Leave a Comment