දේශීය

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

(UTV |කොළඹ) – අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිරය යන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනය කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අතර කොවිඩ් ආසාධිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.
අග්‍රාමාත්‍යතුමා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

අතපසු වූ අයට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව

Mohamed Dilsad

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment