ගොසිප්

දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දමයි

(UTV |කොළඹ) – නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් දින නියමයක් නොමැතිව වසා දැමුණි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සේවකයෙකු ආසාදිතයෙකු ලෙස මෙහිදී හඳුනාගෙන තිබේ.

ඔහු දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණයවී ඇත.

ඒ සමග එම වෙළෙඳ සංකීර්ණය අද(22) මධ්‍යහන 12.00 සිට වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

හෙට (23) දිනයේ එහි සේවය කළ වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

Related posts

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

විවාහ උත්සවයකට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැනි ගගනගාමියා

Mohamed Dilsad

Leave a Comment