ගොසිප්

දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දමයි

(UTV |කොළඹ) – නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් දින නියමයක් නොමැතිව වසා දැමුණි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සේවකයෙකු ආසාදිතයෙකු ලෙස මෙහිදී හඳුනාගෙන තිබේ.

ඔහු දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණයවී ඇත.

ඒ සමග එම වෙළෙඳ සංකීර්ණය අද(22) මධ්‍යහන 12.00 සිට වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

හෙට (23) දිනයේ එහි සේවය කළ වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

Related posts

ලේඩි ගගාගේ බලු පැටවුන් වෙනුවෙන් ඩොලර් 500,000 ක්

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ ලන්ඩනය කළ අලුත්ම හෙළිදරව්ව

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment