ගොසිප්

විවාහ උත්සවයකට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ස්වයං නිරෝධායනයට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ නිවේදනය කළේය.

මේ අතර පෙරේදා පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වී ඇති අයුරු දක්නට ලැබුණි.

ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගී වූ සියලුම දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන 20 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රීලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නැවත සැළසුම් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

 

 

 

Related posts

අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයන්ට හමුදා පුහුණුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

මහමග ‍රෙස්ලිං ගැසූ පොලිස් නිලධාරියා ගැන යෝෂිත කට අරියි

Mohamed Dilsad

Leave a Comment