විදෙස්

කැතේ පැසිෆික් සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

(UTV | හොං කොං) – තම ගුවන් සමාගමට අයත් සමාගමක් වන කැතේ ඩ්‍රැගන් සමාගම වසා දැමීමට තීරණය කළ බව කැතේ පැසිෆික් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, එහි රැකියාවේ නියුතු 8,500 දෙනෙකුට රැකියා අහිමි වී ඇත.

කැතේ ඩ්‍රැගන් ගුවන් යානා ප්‍රධාන වශයෙන් චීනයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට සේවා සපයනු ලැබීය.

හොං කොං හි මූලස්ථානය පිහිටි කැතේ පැසිෆික් සමාගම පවසන්නේ මව් සමාගම සතු යානා ඉන් සමහර ගමනාන්ත සඳහා යොදවන බවයි.

 

Related posts

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය මහ රැජින එළඹෙන ඉරිදා ජාතිය ඇමතීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment