දේශීය

ආමර්වීදියේ පොලිස් නිලධාරීන් 16 දෙනෙකු නිරෝධායනයට

(UTV |කොළඹ) – ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට ක්‍රියාවලිය සඳහා යොමු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගත බවයි.

අදාළ සැරයන්වරයා, පසුගිය දින කිහිපය තුළ පොලිස් මුරපොළේ රාජකාරී කර ඇති බැවින් පැය කිහිපයක් පොලිස් මුරපොළ රාජකාරි කටයුතු අත්හිටුවා තිබේ.

එම පොලිස් පුර පොළ සම්පූර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කිරීමෙන් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා එම පොලිස් මුරපොළේ රාජකාරී කටයුතු නැවත වරක් සවස 6ට පමණ ආරම්භ කර ඇත.

ඒ අනුව පොලිස් මුරපොළේ සියලු දෙනාම අදාළ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන තිබේ.

ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමටත් නියමිතය.

Related posts

දෘෂ්‍යාබාධිත ප්‍රජාව ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්

Editor O

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

රට වනසන අලුත්ම කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment